කබුරුපිටියේ නන්දාරත්න හාමුදුරුවනේ, මගේ ගෑනීගේ දරු බොක්ක සාංගික දේපලක් නොවෙයී.
මම මේ වංගියක් තිස්සේ ලියන්නයැයී කියල හිතාගේන හිටියේ. වංගියකට උඩහං මේ කබුරුපිටියේ නන්දාරතන උන්නාසෙයී තවත් ආගම්පාලුවො කාන්ඩෙකුයී, පිලියන්දල ඉස්පිරිතාලෙට කඩා පැනලා, තගදාලා, උපත්පාලනය කොරගන්නයැයී කියලා තිබුනු සායනයක් කඩා කප්පල් කොරලා තිබුනානේ. මෙන්න මෙහේ ඔය ගැන ප්රවුර්තිය තියෙන්නේ.
මේ සිංහල ජාතිය නැති කොරන්න ජාතියන්තර බලවේග කොරනා කාරනා කියලා තමයී උන්දෙලා දොඩන්නේ. මුසිලිමානු ඇත්තො කෙලවරක් නැතිව නැතිව දරුවො වදනවාලූ, මොකැයී දරුවන් වැදීම, දෙවියො උන්දෙලාට පවරලා තියේන දේවකාරියනේ. ඒ හින්දා, උන්දෙලාගේ ප්රතිශතය වැඩි වෙනවාලූ, සිංහල බෞධදයන්ගෙ ප්රතිශතය අඩු වෙනවාලු, සිංහලයො වඳවෙනවාලූ. ඔන් ඔහොම තමයී ඔය හාමුදුරු ගොල්ලො කියන්නේ. ඒනිසා, මගේ ගෑනිගේ දරු බොක්ක සිංහලේට පැටව් හදන ෆැක්ටරියක් කොරගෙන, දිගට හරහට පැටවි ගහන්න කියලා තමයී උන්දෙලාගේ අවවාදය. දැන් උන්දෙලා බණ පැත්තකින් තියලා, ඉස්පිරිතාල වලට වැඩල තග දාන්නත් පටන් අරගෙන. හරියට කව්ද ඔය, තලෙයීබාන්දයැයීද කවුද කියනා උන්දෙලා වගේ.
අනේ අපේ හාමුදුරුවනේ, අනුන් කියන විදිහට ලමයී හදන්න ඕනේනම්, අපිත් කතෝලික හරි මුස්ලිම් හරි ආගමක් අදහන්න තිබුනානේ. එහෙම කොරන්නේ නැතිව, අපේ උන්දෙලා මේ ලෝකයේ අනිත්යය මෙනෙහි කොර කොරා පන්සිල් ගන්නේ, බුද්ධාගම ඔය වගේ ආගමක් නොවෙන නිසායී. අපේ ගෙදර උන්දෙලට මීයො පැටව්ගහනවා වගේ දරුවො වදන්නයැයී කියලා බුදු හාමුදුරුවො කියලා නැහැ. ඒ ඔක්කොටම්ත් වඩා අනිත් ආගමුත් එක්කලා බූරුවො වගේ තරග කොරන්න කියලාත් අනේ ඕන්, බුදු හාමුදුරුවන් දෙසලා නැහැ නොවැ. අනේ එහෙමත් අලංකාරයක්. අනේ එහෙමත් නිදහසක්.
හාමුදුරුවනේ, ඔබ තුමා අහලා නැති උනාට, ඔය බුදු හාමුදුරුවෝ කියලා එක්කනෙක් ඉදලා තියෙනවානේ. උන්නාසෙ, චරත බික්කවේ බහුජන හිතාය, බහුජන සුකාය කියලා කීවේ, ගමක් ගමක් ගානේ වැඩලා ලමයී වදලා බෞධදයෝ ප්රමානයෙන් වැඩි කොරන්න කියලා නොවෙයී. ඔය බහුජනයැයී කියලා කීවේ, ඔය සිංහල බෞධ්ද, දෙමල කතෝලික මුස්ලිම් සියලුදෙනමයී. ඒ සියලු දෙනාගේම සුකය තකා වැඩ කොරන්න කියලා තමයී උන්නාසේ කීවේ. නැතුව බෞධ්දයන්ට අනෙකුත් ආගම් එක්කලා තරග කොරන්න උගන්න කියාලා නොවෙයී. අනේ හාමුදුරුවනේ, මේ අනුකම්පාවෙන් කියන්නේ, ඔබ වහන්සෙට අනිත් ආගම් ජාති එක්ක තරග කොරන්න ඕනෙනම්, ඔය සිවුර ගලවලා පිච්ච වැලක් උඩින් දාලා, පව්නොදී ගිහිල්ල කිරිස්තියානි අගමට හරි මුස්ලිම් ආගමට හරි බැදෙනවද? මොකැයී, ඔබ තුමා ඔය කිරියාත්මක කොරන්නේ, ඒ ආගම්වල උගැනුම්නේ. ඉතින් මොකැයී තවදුරටත් උගුරට හොරා බෙහෙත් කන්නේ, සිවුරකුත් පොරවාගෙන.

29 November, 2008