unprotected thoughts

අපහාසය, තලෙයීබාන් බුද්දාගම සහ තහනම් සංගීතය (පුද්ගල අපහාසයට පිලිතුරු)


දැන් මේ හාමුදුරු ගොල්ලක් බුදු පිලිමයකට පිටිපාල ජායාරූපයක් අරගෙන නොවෑ. ඉතින් ඕක ගැන කල බැගෑනියයී. මේ පිලිබද හොද සාජ්ජයක් මෙම වෙබ් පිටුවේ තිබුනා. අනිත් අයගේ බ්ලොග් පිටු වටලට හොට දාන එක මගේ පුරුද්දනේ. මමත් ඉතින් ගිහිල්ල මගේ අදහස පැදුරෙ කොනක වාඩි වෙලා කීව. සාජ්ජය බොහොම හොදයී. හැබැයී පොඩි පරහකට හිටියෙ, මම ඔය පින්තූර කලබැගීනිය ලොකු වරදක් විදිහට මම දකීන්නේ නැති එකයී. ඉතින් අපේ උන්දෙලා, සාජ්ජය පැත්තකින් තියලා, මට පුද්ගල ප්රහාර එල්ල කොරලා තිබුනා. පුද්ගලික බස් වල යන අපිට, ඔය වාග් ප්රහාර තකන්න දේවල් නොවැයී. මම ඒ ගැන උත්තරයක් මෙතන කුරුටුගාන්න හිතුවේ, මගේ අදහස් උදහස් ඒ බ්ලොග් පිටුවෙ පල කොරන්නෙ අනුකාම්පා උපදවාලාය වගේ කතාවක් වටින් ගොඩින් දොඩලා තිබුන නිසා. නැත්තම් මගේ අදහස් පල නොකර ඉන්නවා යැයී දොඩා තිබූ නිසා. කොහොමත් ඉතින් ඕනෙම ආගමක්ගැන කතා කොරනකොට, කතා කිරීමේ නිදහස බොහොම අඩුවෙන් තමයී තියෙන්නේ. ලංකාවෙ බුද්දාගමේයී කියලා දැන් දැන් වැඩි වෙනසක් නැහැ.

පහුගිය කතාව කෙටියෙන් කීවොතින්, මේ හාමුදුරුවරු ගොල්ලක් බුදු පිලිමයක් යටට වෙලා පින්තූරයක් අරගෙන. නමුත් ඉතින් අනිත් උදවිය කියන්නේ, බුදු පිලිමයට පිටුපා පින්තූරකට පෙනී සිටිනවා කියලායී. විවිද පුද්ගලයන්ට විවිද දර්ශන තියනා එක අමුතු දෙයක් නොවැයීනේ. ඒ නිසා, ඉස්සරහද, යටද, පැත්තෙද කියන එක ගැන මම විවාද කොරන්න යන්නේ නැහැ. මේ පින්තූරයේ ඉන්න හාමුදුරුගොල්ලනව රජයේ මැදිහත් වීමෙන් සාසනයෙන් අතුගා දමන්න ඕනෑයී කියලා තමයී අපේ උන්දෙලාගෙ යෝජනව.

වගේකට උඩින් මම ගරුත්වය, මොහිදීන් සහ ලාංකිකයැන්යැයී (Respect, Mohammad and Sri Lankans) කියලා පිටුවක් හමාරක් ලීවා. ඒ ලිපියෙදී මෙවැනිම කාරනයක් ගැන හොද සාජ්ජයක් තිබුනා. මතකනේ, බෝනික්කෙක් මොහිදීන්යැයී නම් කලායැයී කියල, බාලන්සේ ගුරුවරියට කසපහර දෙන්නයැයී කාන්ඩයක් මහා කල බැගෑනියක් කොලා. ඒ කාරනයයී මේ කාරනයයී අතර මහා වෙනසක් නැහැ. දෙකම එක වගේ. එකම පදනමයී.

මේ පින්තූරයට පෙනීසිටිය පුද්ගලයන්ට රුපියල් ලක්ශෙක දඩ මුදලක් සහ අවුරුදු දෙකක හිර දඩුවමක් දෙන්න සිරි ලංකා ජන රජයේ නීතිය අනුව පුලුවන්. කිරියාත්මක කොරන එක විතරයී ඉතුරු වෙලා තියෙන්නේ. ඔය කාරනයේ තියන බරපතල කම ගැන මම හැම විටේකම කියලා තියෙනවා. ඒ පිලිබදවම මම මෙතෙන ඉංගිරිසියෙන් කුරුටුගෑව.

මේ ජායාරූපයේ කතාවට ආවොතින්, මම පලමු සාජ්ජයේදී අහපු කාරනය තමයී, බුදුපිලිමයක් ඉදිරියෙන් සිටගෙන සිටීමෙන් අපහාසයක් සම්පූර්න වෙන්නට, බුදු පිලිමයට කොතරම් දුරින් සිටගෙන ඉන්න ඕනැද, කුමන ආකාරයේ කරුනු සම්පූර්න විය යුතුද යනාදිය යැයී. නමුත් මගේ පුරස්නෙට උත්තර නොදී, මගේ ශරීර ප්රමානය, දැනුම ප්රමානය, සංගීත රුචිකත්වය යනාදී දේ ගැන අපේ උන්දෙලා කතා කොරන්න හදිස්සි තීරනයක් ගත්තා නොවැ. මම ඔය කාරනය හැගිස්සුවෙ බොලන්ඩ වෙන මක්කටවත් නෙමෙයී, මේ ජායාරූපයේ ඉන්නා උදවිය වසර දෙකකට මහ උලුගෙදර යවන්න රටේ නීතිය අනුව අපි බැදුලා ඉන්න නිසා. නීතියක් තියනවානම් ඒවට පැහැදිලි මිනුම් තියෙන්න ඕනෑ නොවැ. ආවාට ගියාට අපහාස කොලා කියලා බැහැ නොවැ.

මේ දශකයේ ලෝකෙ මුහුන දීල තියන ප්රදාන පුරස්නය ආගමික පුරස්නයී. අපිටත් ඔය රැල්ලෙන් ගැලවීමක් නැති හැඩයී. අරම අපහාස කොලයී, මෙහෙම අපහාස කොලයී කියලා ලෝකෙ පුරාම ගජරාමෙට අර්බුද. ඕන් වංගියකට උඩදි, බුද්ධ රූපයක් බිකිනියක ඇදලායැයී, සපත්තුවක ඇදලායැයී වස කාල ගෝට්ටියක් කොලා. පත්තරේ ඒවයේ රූප පල කොලා, රූපවාහිනියෙ පෙන්නුවා. මමත් කාලයක් තිස්සේ රෙදි සපත්තු ගන්න යනවා. කවදාවත් බුදුරූප තියෙන සපත්තු කූට්ටමක්නම් හම්මුවෙලා නැහැ. දන්නා උදවියගේනුත් ඇහූව ඒගොල්ලන්ටවත් කවදහරි ඒආකරයේ සපත්තුවක් බිකිනියක් හමුවෙලා තියෙනවාදැයී කියා. අනේ ඕන් උන්දෙලා දැකලත් නැහැ, ඔය ගැන පත්තරේ දකිනකන්. මේ උදවිය මොන රාජ්ජේන් හොයා ගෙන ඇවිල්ල අපේ ලේ රත්කරන්නයැයී අපිට පෙන්නවාද දන්නෙ නැහැ. ඊලගට ඔය රූප හැම තැනම පල කොරනවා. ප්රසිද්ද කොරනවා. හැමෝටම පෙන්නනවා. ඒක දැක්කහම ඇතතටම අපහාස කොරන්න ඕනෙකම තියෙන්නේ, අපේ උන්දෙලාටයැයී කියලත් සාදාරන දෙගිඩියාවක් එනවා.

ඕව දැක්කම මට මතක් වෙන්නේ ඩෙන්මාර්කෙ පල කරපු මොහීදීන් උන්නාසෙගෙ කාටූන් රූප ගැනයී. කාන්ඩයක් ඔය රූපවලට අතිනුත් රූප දෙකක් දාල, ලෝකෙ පුරාම ගෙනිහිල්ලා පෙන්නලා උද්ගගෝශන සංවිදානය කොලා. ඉක්මනට ප්රසිද්ද වෙන්න පුලුවන් විදිහක්නේ. අනේ ඉතින් ඩෙන්මාර්කෙ ලෝක සිතියමකවත් දැකලා නැති උදවියත් තමන්ගෙ දරුවන්ට කවන පොවන එක නවත්තලා, තමන්ගෙ ආගමට අපහාස කොරලාය කියලා පාරට බැහැල කල කෝලහාල කොරලා මලා, අතපය කඩා ගත්තා. ඔය විජ්ජුම්බරේ බලාගෙන ඉදලා මමත් අපේ අම්මාට කතා කොරලා කිව්වා, “අම්මේ, ලංකාව බෞද්ධ රටක් වීමේ අගේ දැන් තමයී තේරෙන්නේ” කියලා.

අපහාස කියන කාරනය ගැන බුදු හාමුදුරුවො අලංකාරෙට පැහැදිලි කොරලා තියෙනවා. අනිත් කිසිම ආගමක මට එවැනි අලංකාර අවවාදයක් හමුවෙලා නැහැ. ඒ එක අවවාදයකින්වත්, අපහාස කල පුද්ගලයන් පන්නා දමන්න්වත්, දඩුවම් කරන්නවත් කියලා උන්නාසෙ කියලා නැහැ. කම්පාවෙන්නවත් විස්සෝප වෙන්නවත් කියලා නැහැ. එහෙමත් අලංකාරයක්.

බුදුන්ගෙ කාලේ, බුදු රූප ඉස්සෙරහින් හිටගෙන පින්තූර ගත්තු උදවියනම් නොවෙයී, ඊට වඩා බොහොම බරපතල නොක්කලේ දාපු උදවිය හිටියා. උන්නාස්සෙ ඒ උදවිය එක්ක අරෝවට ගියේ නැහැ. පිය රජතුමා ලගට ගිහිල්ලා, මහ උලුගෙදර යවන්න නීතී සම්පාදනය කොරන්න යැයී ඉල්ලා හිටියේ නැහැ. බුදුන්ගේ මේ නොසැලෙන කරුණා ගුණය දැකලා සමහරු බුදුන් සරණත් ගියා කියන්නේ ඕන්.

ඉතින්, අපි ඔය බුදු රූපයක් ඉස්සෙරහ ඉදගෙන පොටෝ කෑල්ලක් ගත්තාය කියලා, දඩුවම් කොරන්න යනවානම්, ඒ කාරනය කොරන්න වෙන්නේ, බුදුන් දෙසාපු ධර්මයට අති මහත් නිගරුවක් කොරලායී. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ, තමන්ගේ පිරුනුවන්පෑමෙන් පසුව ධර්මය තම තනතුරේලා සලකන්න කියා මිසක්, බුදු රූප තමන්ගේ තනතුරේලා සලකන්න කියලා නොමෙයී. අනේ ඕන් මට දැනෙන ආකරයටනම් නම්, බුද්ධ ධර්මයට අපහාස කොරනවා කියන්නේ, බුදු හාමුදුරුවන්ට අපහාස කොරනවා කියන එකයී. බුද්ධ ධර්මයට ගරු කරනතාක්, ඔය ඇලෙක්සෙන්දර් මහ රජ්ජුරුවො එක්ක ඉන්දියාවට ආපු ග්රිසියෙ උදවිය ඉස් ඉස්සෙල්ලාම හදාපු බුදු පිලිම වලත් ගෞරවය තියෙයී. වරද වරදක් බවත්, වරදට අනුකම්පා කොරන බවත් පෙන්නුවොතින්, අනිත් ආගම් වල උදවියටත් ආදර්ශයක් වෙන්න පුලුවන්.

මම කියන්නේ නැහැ, අපි මෙවැනි කාරනා ගැන කතා බහ නොකර ඉන්න ඕනෙයැයී කියා. වරදක් කාරුණිකව පෙන්වා දීමත්, පෙන්වා දුන් වරද පිලි ගැනීමක් හොද ගුණයක් නොවැ. පුරස්නෙ මේ දේවල් ගැන කතා බහ කිරීමෙ වටිනාකමක් දැන් නැති කමයී. ඒ කියන්නේ, මේ ගැන කතා කොරනකොට අපහාස කොරන එකවත්, මඩ ගහන එකවත් ගැන නෙමෙයී. අපි දැන් මෙවැනි කාරනා සමතයකට පත් කොරන්න කතා බහ කෙරීම වෙනුවට, අරාබි රටවල වගේ නීති කෙටුම් පත් සකසලා තියන එක ගැනයී. අපිත් ඉතින් පකිස්තානය, ඇෆ්ගනිස්තානය වගේ වෙන්න පාර කපාගෙන ඉවරයී. ඔය පරේ යන්න දත කට මැතගෙන, බත් මුලකුත් බැදගෙන ඉන්න අය ගජරාමේට ලංකාවෙ ඉන්නවා.

පහුගිය සාජ්ජෙදී මගේ සංගීත රුචිකත්වය ගැන දොඩලා තිබුන නිසා ඒ ගැන කියන්නේ නැතිව කතාව ඉවර කොරන්න බැහැ. මම Buddha Bar සංගීත එකතුවට කැමතියැයී කොහේදෝ කියලා ලියලා තිබුන නිසා අපේ උදවිය මගේ හැදියාව ගැන පුරස්න කරලා තිබුනා. ඇෆ්ගනිස්තානේ සංගීතය තහනම් කොලා වගේ ලංකාවෙ උදවියත් Buddha Bar සංගීත එකතුව තහනම් කොරන්න යැයී කාලයක් දඟ දැම්මානේ (මට මතක හැටියට තහනම් කොලාද කොහෙද?). ඔය ගැන කියන්න තියෙන්නෙ අමරදේව උන්දෑ හැම වංගියෙම කියන කාරනයමයී. " සංගීතය රසවිදීමේ හැකීයාව හැම දෙනාටම ලැබිලා නැහැ. සංගීතය රසවිදින්න පෙර කල කුසල් තියෙන්න ඕනෑ" ඕන් අහපු නැති උදවියට අහන්නත් එක්ක මම Buddha Bar සංගීත එකතුවෙන සින්දූ කීපයක් මෙතනට එකතු කෙරුවා.

This text will be replaced by the flash music player.

10 August, 2008

posted by Sam at 8:39 PM

8 Comments:




Superb machang. Brilliantly said.

 


මේක හරිම අවුලක් තමයි නේද? කට්ටිය සමහර දෙවල් හරියට එයාල හොයාගත්ත වගේ අනුගමනය කලාට අම්බානක් නාගෙනයි ඉන්නේ. ඒ ගැන හරියට හිතන විධිය කිව්වම කියන මිනිහ ගොනා කරනවා.
මේ පින්තූර කෙරුවාව ගැන මට අත්දැකීම් තියෙනවා. බුදු පිලිම වල කරට අත දාගෙන ගත්තු පින්තූර මම දැකල තියෙනව ඔය කියන ලාංකිකයන්ගෙම. මං හිතන්නෙ අර බුදුන්ට අපහාස කරනවය කියන විධියෙ පින්තූර සහ වෙනත් නිෂ්පාදන වලට එරෙහි වීම හරහා බුදු දහම තුල තියෙන හරයන්ම මෙයාල කඩල දානව කියලයි මට හිතෙන්නේ.

කොහොම වුණත් ඒ ගැන පුදුම වෙන්නෙ නෑ. මෑතකදි මම යම් කරුණක් ගැන වුණ විවාදයකදි මගේ විරුද්ධවාදී යාළුව මට දුන්න ආගමික පොතක්. ඒක බලල මට යාළුව ගැන දුක හිතුණ. එයයි ඒක බලල නැත්තේ. බුදු දහම මනාව විද්‍යාත්මක වුණ දහමක් වෙද්දි ඒක විද්‍යාත්මක නැහැය කියාගෙන මෙයාල බුද්ධාගමේ කියන මුසාවාද පහදන්නෙත් විද්‍යාත්මක කරුණු වලින්.

මට තනියම හිනා...

නියමයි සෑම් කියල වැඩක් නෑ...

 
Anonymous Muchalinda said...


Sam,

I did not want to comment there, but there is an interesting reason why this guy Nilaksha suddenly jumps to see this as an insult. (for example he never sees JHU monks showing their backs to Buddha statue is wrong – I have given the link to the photo) I have hinted about this, but Nilaksha got panic and block my comments. (This is common to all ‘Jathika Chinthanawallahs’ – The moment you show some disagreement they moderate you. So the comments are only from those who agree with them.)

This guy Nilaksha, as he says at his blog is against ‘Nikaya Bedhaya’. The only reason for the division of Sri Lankan Bhikkus to different ‘Nikayas’ is the prohibition by Siyam Nikaya Bhikkus to ordinate anybody outside ‘govigama’. Nilaksha does not speak a word against this prohibition. So the only way to remove ‘Nikaya Bedhaya’ simultaneously maintaining the prohibition is to prevent all those from low caste being ordinated! Ultimate result will be 100% domination of Siyam Nikaya.
This is what people like Nilaksha
wants.

Caste issue is so prominent in Buddhism that it has got even in to politics. JHU is almost 100% ‘govigama’ party. All key JHU monks (Medhananda, Ratana, Sobhita) belong to Siyam Nikaya. Interestingly all their key leaders (Champika, Udaya etc) are of ‘govigama’ origin. Nilaksha, I guess, a JHU sympathiser – so he unconsciously approves this division.

Now coming to this photo, most of the monks in that (with the exception of Bellanwila Wimalaratne) are not of Siyam Nikaya. So the pro-Siyam Nikaya Nilaksha immediately find an excuse to bash them.

According to him pro-Siyam Nikaya JHU monks showing their backs to a Buddha statue is not an offence, but perceivably low caste monks doing it is an offence. If this is not castism, what do you call it?

 
Anonymous Sanath said...


Muchalinda,
You are wrong. All JHU monk do not belongs to Siyam Nikaya.
Ellawala thero - Siyam
Sobhitha thero - Ramannya
Rathana thero - Amarapura
Amarakiththi thero - Amarapura
Udawatte Nanda thero - Siyam

as far as I know JHU is not a party based on any Nikaya or Cast. Don't mislead the public.
Your points are not valid in any means.

 


So I can't really read anything you've written here, or anything... except the few English words you've used... but I'll do what I came to- say Hi!
:)
How are you?

 


You've been tagged.

 


සෑම් කියන කතාවට එකඟ වෙනවා! මේ රූපයේ කිසිම වැරැද්දක් මට නම් පෙනෙන්නෙ නැහැ.
තව ටිකක් අකුරු ලොකු කරලා ලිව්වනම් තමා හොඳ.

 


මේ මාතෘකාව සම්බන්ධයෙන් මගෙ එතරම් උනන්දුවක් නොමැති වුනත් සෑම් ලියන ශෛලියට නම් මම ගොඩක් කැමතියි. හරිම රසවත් ලිපියක් හොඳ පිළිතුරක්!

 

Post a Comment

Links to this post:

Create a Link

<< Home