බත් කෑම, ගොවිතැන සහ බුරුමය.
අපේ උන්දෙලා වී වගාව ගැන කෑමොර ගහන්නේ මම දන්නා කාලේ ඉදලා. වී වගාව ගැන කවුරු කාතාවක් පටන් ගත්තත්, අදෝ වැඩියාවකින් තමයි කෙලවර වෙන්නේ. එක්කෝ යල මහ දෙකටම වතුර නැහැ, එහෙම නැත්තම් ගොයම පෑහෙන කාලයට අනෝරාවට වැස්ස, එහෙම්ත් නැත්තම් ගෙටගත්තු වී ටික විකුනාගන්න බෑ. පොහොර ගහන්න සල්ලි නෑ. බිත්තර වී නෑ. කරදර වල කෙලවරක් නැහැ.
කොහොම කොහොම හරි ඔය පුර්ස්නත් විසදගෙන අන්තිමටම හාල් ටික කුබුරෙන් සතොසට ආවයි කියමුකො. අපේ නැන්දා හාල් ගන්නැයි කියලා ගියාම, ගෙදර ඇවිල්ලා අලුත් අඳෝ වැඩියාවකින් තම්යි ඉවර වෙන්නේ. උන්දැ කියනා විදිහට, මේ යන විදිහට හාල් ගනන් ගියොත් ලගදිම අපිට පස් තමයිලු කන්න වෙන්නේ.
මටනම් පස් උනත් කමක් නැහැ, හොදට ලුනු මිරිස් දාලා උයලා තියනවානම්. එහෙමයි කිව්වහම නැන්දාට තද වෙනවා.
“ඔව් ඉතින්, තම්බල දෙනවනම් පස් උනත් කයි තමයි.” කියලා නැන්දා මල්ලත් අරගෙන රෑට උයන්න කුස්සියට යනවා. ඔන්න ඉතින් නැන්දා පැයක් හමාරක් හාල් ගරලා බත ඉව්වාය කියමුකො. ගල් හපාගන්නේ නැතිව බත කන එක තමයි ඊලග කෙරුවාව.
ලංකාවෙ හාල් පොල් ඇමරිකාවට වඩා ගනන්. ඒ ම්දිවට හන්දියෙ කඩේ පාන් රාත්තලකුත් රුපියල් සීයක්. ඇමෙරිකාවෙ පාන් රාත්තල සත හැත්තැපහකට විතර ගන්න පුලුවන්. ඒ කියන්නෙ රුපියල් වලින්නම්, රුපියල් හැත්තැහතකට විතර. මේ යන විදිහට ගියොත් නැන්දා කියන විදිහට අපිට පස් තමයි කන්න වෙන්නේ. ඇමරිකාවෙ පොල් කිරි ටින්කක් සත අසුවයි. පොල්ගෙඩි දෙකක විතර කිරි පදමට තියෙනවා. පොල් බිදින්න, පොල් ගාන්න, මිරිකන්න කිසිදෙයක් ඕනැ නැහැ. අබරං උන්දැගෙ කඩේ පොල්ගෙඩියක් රුපියල් පනහක්. ඒ මදිවට, ඒක පුවක් ගෙඩියකට වඩා පොඩ්ඩයි ලොකු. රුපියල් පනහකට ඉන්දියාවෙ රතුළුනු පොහොර ගෝනියකින් එකක් හම්බු වෙනවා. මල්ල සයිකලේ පස්සෙ බැදගෙන තම්යි ගෙදර එන්නේ. ලංකාවෙ ළුනු කිලෝ එකක් ඒගානට ගන්නත් බැහැ නොවැ. රුපියල් පනහක් අරගෙන සිකුරාදා පොලට ගියොත් සිලිං මල්ලකට ළුනු බාගයක් අරගන තමයි ගෙදර එන්නෙ.
ඔය අව්ව අස්සෙ අපිට ඇති තරම් හාල් ලංකාවෙ ඇත්තෙත් නැහැ. දැන් කන ටිකත් රටින් තම්යි ගෙන්නන්නේ. ඉන්දියාවෙ හාල් අපනයන සපුරා තහනම්. වියට්නාමයේ, මැලේසියාවෙ කුබුරුවලට හාමුදාවෙන් මුර දාලා තමයි ගොයම රකින්නේ. හාල් ගෙනියන්නෙ හමුදා වාහන එක්ක. සමහර රටවල හාල් පොල් නැහැ කියලා මිනිස්සු පාරට බැහැලා, ආන්ඩු ගෙදර යවලා. ලෝකෙ හැම තැනම හාල් පොල් පුරස්න. ඕක ඔහොම වෙනවා කියලා සමහරු කාලෙකට ඉස්සෙල්ලා කිව්වා. අපිනම් ඕවා ගනන් ගත්තෙ නැහැ නොවැ.
දැන් අපි බුරුමෙන් හාල් නැව එනකම් බලාගෙන ඉන්නවා. බුරුමෙන් අපිට හාල් විකිනුවාට, බුරුමේ මිනිස්සුන්ට කන්න හාල් නැහැ. බුරුම හමුදා ආංඩුව මිනිසුන්ව වැඩ කදවුරු වලට දාලා බලෙන් වැඩ ගන්නේ. එහෙ මිනිස්සු ලව්වා බලෙන් වවාගන්නා හාල්, හමුදා ආන්ඩුව අපිට විකුනනවා. බුරුමේ මිනිස්සු බඩගින්නෙ ඉන්නවා. ඊයෙ පෙරේද අනේ අපොයි කියලා බුරුම හාමුදුරු ගොල්ලන්ගේ ඔලු පැලුවෙත් බුරුමෙ හමුදා රජයෙන් නොවැ. බුරුමෙත් එක්ක හැදියවක් තියන කිසිම රටක් ගනු දෙනු කරන්න කැමති නැහැ. අපිට කන්න ලාබෙට හාල් හම්බු වෙනවානම්, අපිටනම් ඒ ගැන කිසිම පුරස්නය නැහැ. හාමුදුරුවරුන්ගේ නෙමෙයි, බුදු හාමූදුරුවන්ගේ ඔලුව පැලුවත් අපිට මොටැ.
ලංකාවේ දැන් වපුරන හාල් ටිකත් වපුරන්නේ බතලේගොඩ වී පර්යේශන ආයතනයට පින්සිද්දා වෙන්න. අපි කන බත් කටක් කටක් ගානේ අපි උන්දෙලට පින්දෙන්න ඕන. උන්දෙල වී මුහුම් කරලා අලුතෙන් වී වර්ග හැදැවේ නැත්තම් අපිට මේ කන හාල් ටිකත් නැහැ නොවැයි. කිරි සම්බා (බීජී 360) එක්ක පොල් සම්බෝලතරම් රස කැමක් අම්මපා ලෝකෙ වෙන කොහෙවත්ම නෑ. ඒ කොහොම උනත් සමහරුන්ට බතලේගොඩ කෙරුවාව අරහං. උන්දෙලා කියනවා, අපේ පැරණි වී වර්ග ඔයිට හොඳයි කියලා. අනේ අපොයි, බඩ පිරුනහම අපේ මිනිස්සුත් සුද්දො වගේ දොඩවන හැටි. තවත් සමහරු තෙල් බෙහෙත් ගහනවට විරුද්දයි. ඔය ගැන වැඩිපුර කැකෝගන්නේ සිංහලයැයි කියාගන්නා උන්දෙලා තමයි.
කෑම තෝරාබේරාගෙන කෑමේ සැපත ලෝකෙ බොහොම දෙනකුට නැහැ. අක්කර කාලකින් දෙලොස් දෙනකුගෙ බඩපුරවන ගොවියෙකුට ඕවා විහිලු කතා. මුහුන්කල වී නැත්තම්, තෙල් බෙහෙත් නැත්තම්, අපි කාගෙ කාගෙත් බත් මුට්ටි හිස්.
මේ යන විදිහට, මුහුන්කල වී වර්ග විතරක් අපිට මදී. වරිගේ (ජාන) වැඩිදියුනු කරපු වී වර්ග හෙට අනිද්දාම අපිට ඕන වෙනවා. කොයි දවසක් කියලා අපි බුරුමෙන් වී ගේන්නද? ඒ උනාට අපේ අයට ඕවා අරහං. උන්දෙලා රූපවාහිනියෙ වරිග (ජාන) වැඩිදියුනුවට විරුද්දව දෙකයි හතරෙ කතාන්දර දෙසාබානවා. උන්දෙලට මොටැ, උන්දෙලාගෙ බඩ පිරිලා නොවැතියෙන්නේ. ඒ අතරේ ඉංදියාව, පාකිස්තානය වරිග දියුනු කරලා ගජ ලාබෙට අල ළුනු විකුනනවා.
තෙල් බෙහෙත් නැතිව, මුහුන් කල බෝග නැතිව, වරිග දියුනු කල බෝග නැතිව, හාල් එළවලු ගන්න තියනවානම් හොදයි තම්යි තමා. ඒවා, ශරීරයට හොදයි තමා. ලෙඩ රෝග අඩුයි තමයි. ඒ උනාට බඩගින්න හැම ලෙඩකටම වඩා ලොකුයි. ලංකාවෙ පොඩ්ඩෝ සීයට හැටකට මන්දපෝශනේ. අපි බුරුමෙන් හාල් නැව එනකම් දත මැදගෙන ඉන්නවා. හදිස්සියේ හරි බුරුමේ අසරන මිනුස්සුන්ට මිනිස්සුන්ට නිදහස ලැබුනොතින්, අපි බත් කාලා ඉවරයි. අපේ හෙට කන නොකන වගෙ තීරනේ කොරන්නේ බතලේගොඩ වී පර්යේශන ආයතනයි. උන්දෙලා වරිග වැඩිදියුනු කරලා, අලුත් වී වර්ග හැදුවේ නැත්තම් ඕන් ඉතින් ගොය්යෝ අපි කාට කාටත් බත් නෙවෙයි, පස් තම්යි කන්න වෙන්නෙ.

20 April, 2008

April 21, 2008 6:42 PM
very will written.. food for thought.
April 22, 2008 3:27 PM
හිඟන්නා - පිනට යමක් දෙන්න මහත්තයො.
මහාචාර්‍ය වරයා - මගේ පරයේෂණ වාර්තාව කියෙව්ව නම් තමුන්ට අද මේ දේ සිද්දවෙන්නෙ නැහැ.
August 04, 2008 7:16 PM
ලංකාව හදන්න බැහැ අයිසේ...
Post a Comment
Links to this post:Create a Link
<< Home