ඔන්න බොලේ මමත් සිංහලෙන් ලිව්වෙ නැතැයි.
ඔන්න ඉතින් මමත් සිංහලෙන් ලියන්න පුලුවන්ද කියල බැලුවා. හිතපු තරම් අමාරු නැහැ නොවැ. ආනන්දවර්ධනගෙ හොරකම් කරපු බ්ලොග් පිටුව කියවනකන්, “යුනිකෝඩ් එසැණින් පරිවර්තකය” ගැන දැනගෙන හිටියෙ නැහැ. සිංහලෙන් ස්තුති කරන්න එක ලේසි වැඩක් නෙවෙයි. ස්තුතිය් කියලා කියල විතරක් අපිට මදි. ඒනිසා අපේ නැන්දා කියනවා වගේ "අනේ ආනන්දවර්ධන, මේ කරපු උදව්වට ඔයාට කොහොම ස්තුති කරන්නද දන්නෙ නැහැ.." කියල ආනන්දවර්ධනට ස්තුති කරල ඉන්න ඔනේ ඔක්කොටම ඉස්සෙල්ලා. මම “අපේ නැන්දා” කියලා කිව්වට, ඒ ආනන්දවර්ධනගේ නැන්ද එහේම නම් නෙමෙයි. සිංහලෙන් කතා කරනකොට අපි හැමදේකටම "අපේ" නැත්තම් "අපි" කියල තමයි කියන්නේ. “මගේ නැන්දා”, හරි “මගේ මාමා” කියලා කියන්නේ නැහැ නොවැ. ඒවුනාට "අපේ කාර් එක හරි අපේ බත් පිගාන කියලානම් කියන්නෙ නැහැ කීයටවත්. එතකොට ඉතින් මගේ බත් පිගාන හරි මගේ කර් එක තමයි.
අපේ මාමා දවසක් කියනවා "අපේ ගෑනී එක්ක කිසි දෙයක් කරන්න බැහැ, මේ ගෑනී කියන කිසි දෙයක් අහනේ නැහැනේ" කියලා. මාමා අපේ ගෑනී කියලා කිව්වට, ඔන්න ඉතින් නැන්දා “අපේ ගෑනී” නම් නෙමෙයි. එහෙම දෙයක් ඉංගිරිසියෙන් එහෙම කිව්වොතින් ඉතින් ලොකු කුනුහරුපයක් තමයි.
අපි සිංහලෙන් පුද්ගලයෙක් ගැන කියනකොට මොන කෙහෙල්මලකට "අපේ" කියල කියනවද කියල මම දන්නේ නැහැ. "අපේ" කියලා කියනකොට, මම හැර තවත් අය ඉන්නවා කියලා ඉගියක් නම් තියනවා. මම හිතන්නේ හදිස්යකට වලියකට එහෙම ලැස්තිවෙලා ඉන්නවානම්, ගොඩක් උදවිය ඉන්නබව වේලාසනින්ම ඉගිකරලා තියන එක ශරිරයට හොදයි. කොහොම උනත් අපේ කියලා කිව්වහම පොඩි ලෙන්ගතු කමක්නම් තියනවානම් තමයි. ඒ හැරුනහම වෙන කිසිම තේරුමක් නම් තියන යෙදුමක් නෙමෙයි.
ඒ කොහොම උනත් අපේ නැන්දානම් සිංහලෙන් බ්ලොග් කියවන්නේ නම් නැහැ. සිංහලෙන් තියා ඉංගිරිසියෙන්වත් බ්ලොග් කියවන්නේ නැහැ. බ්ලොග් කියවනවා තියා ඉන්ට්නෙට් දකින්නේවත් නැහැ. දකිනවා තියා දකින කෙනෙකුට දකින්න දෙන්නේත් නැහැ. උන්දැ හිතගෙන ඉන්නේ ඉන්ට්නෙට් කියන්නේ මහා කුනුහරුප යන්ත්‍රයක් කියල. උන්දැ ඉන්ට්නෙට් එකෙන් ළමයි පරිස්සම් කරන්නේ හරියට කුකුළන්ගෙන් වී පැදුර පරිස්සම් කරනවා වගේයි. අපේ නැන්දා විතරක් නෙම්යි ලංකාවෙ වැඩිහිටි කවුරු කවුරුත් එහෙම තමයි. අලුත් අලුත් දේවලට අපි කොහොමත් බයයි. දවසක් කොල්ලා ඉන්ටෙර්නෙට් කාඩ් එකක් ගෙනල්ලා, ගෙදර උන්දැ අපේ ගෙදරට අඩා ගෙන එනවා හරියට කෙල්ල බඩදරු වෙලා වගේ. කොල්ලා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මොනවා බලයිද කියල බයවෙලා. කොල්ලාගේ පාසළ් මල්ලේ ඔයිට ඉස්සෙල්ලා CD එකක් තිබිලා අහුවෙලා ගුරුවරයා හොදටම නෙළලා, දෙමව්පියෝ ගෙන්නලා ඉන්ටනෙට් එකේ අයහපත්කම ගැන අවවාදත් දිලා. ඒ මදිවට කොල්ලා දැන් ඉන්ටනෙට් ගොහින් චැට් කොරලා. උන්දැ මගෙන් අහනවා මොකද කොරන්නේ කියලා. අනේ ඉතින් මමයි කියල මක්කා කියන්නද?

15 April, 2008

April 15, 2008 4:58 AM
සුභ අළුත් අවුරුද්දක් වේවා, සෑම්. වසර කීපයක සිට බ්ලොග් සටහන් තබන ඔබ වැනි බ්ලොග්චාරියෙකු සිංහලෙන් සටහන් තැබීමට යොමු වීමට ගත් තීරණය ගැන මගේ හද පිරි සතුට පිරිනමමි.
රසවත් ලිපි පෙලක පූර්වාරම්භය වෙනුවෙන් සුභ පැතුම්.
April 15, 2008 8:38 AM
ජය වේවා සෑම්! අද උදෙන් ම දැක්ක පලවෙනි බ්ලොග් එක මේක!!! :D
මුල පටන් ම සිංහල බ්ලොග් "අසල්වාසියෙක්" වුනු ඔබ දැක්වූ ධනාත්මක ප්‍රතිචාර මට නම් නිතරම ධෛර්යයක් වුනා සිංහලෙන් ලියන්න. ඒ නිසා මේ බ්ලොග් එකේ සිංහල දකිද්දී ගොඩාක් සතුටුයි.
April 15, 2008 9:30 AM
බොහොම සතුටුයි.... ඔහොම යමු...
April 15, 2008 10:52 PM
අගෙයි. සිංහලට බැස්ස එක ගැන මගේ සුබ පැතුම්.
April 21, 2008 6:46 PM
එල කිරි!
Post a Comment
Links to this post:Create a Link
<< Home